ජාත්‍යන්තර ඔලිම්පික් පුටුවට , පළමුවරට කාන්තාවක්
Friday, 21 March 2025 - 6:53 | Views - 215
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරී පත්වී තිබෙනවා.
41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.
එසේම ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති ද වනවා.
එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වැනි ගෞරවයන් රැසක් ද ඇයට හිමි වනවා.
එළැඹෙන කාල වකවානුව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඊයේ (20) ග්රීසියේදී පැවැත්වුණා.
එහිදී ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට තේරී පත් වීමද විශේෂත්වයක්.
එසේම, ඇය එළැඹෙන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම් නිල වශයෙන් භාරගැනීමට නියමිතව තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
Share This Article