ටිකිරි මැණිකේ පස්සෙන් ගැලවිලා..
Thursday, 20 March 2025 - 9:57 | Views - 343
ටිකිරි මැණිකේ දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ගැලවී වෙන්වී සිදුවන්නට ගිය අනතුරක් වලක්වාගෙන තිබෙනවා.
ඒ දුම්රියේ ගමන් කළ මගියෙක්ගේ අවදානය හේතුවෙන්.
දුම්රිය එන්ජින් දෙකකින් සමන්විත ටිකිරි මැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එක්වරම පසුපස එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වනවිටත් පසුපස එන්ජිම නොමැතිව දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබූ අතර, මගියකු දුම්රියේ හදිසි දම්වැල ඇදීමත් සමග දුම්රිය ඉදිරියට ගොස් නතර වී තිබෙනවා.
Share This Article