පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට දක්වා රිමාන්ඩ්.. (Video)
Wednesday, 19 March 2025 - 14:08 | Views - 288
අධිකරණයට භාර වූ පොලිස්පති දේශබදු තෙන්නකොන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

විවෘත වරෙන්තු ලැබ, දින 20 ක කාලයක් සැගවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) පෙරවරුවේ‍යි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වුණේ.

ජනාධිපති නීතීඥ ශානක රණසිංහ ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් ඔහු මෙලෙස භාර වුණා.

මේ අතර, පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ, පොලිස්පතිවරයා අධිකරණයට භාර වූයේ ඔහුගේ වත්කම් තහනම් කිරීම සදහා නියෝගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේදී බවයි.

පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය මස 27 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත‍්‍රණය කිරීමේ චෝදනාව මතයි.

කෙසේ වෙතත් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූයේ නැහැ .

එවන් පසුබිමක පසුගිය 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක්ද නිකුත් කෙරුණා.

මේ අතරතුර තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රිට් පෙත්සමක් ගොනු කළත් එය විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.

මේ අතර, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර පිහිටි නිවස ද පරීක්ෂා කළා.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගයකින් තොරව මෙම පරික්ෂාව සිදුකර ඇති බව පවසමින් පොලිස්පතිවරයාගේ බිරිද ඊයේ පස්වරුවේ අතුරුගිරිය පොලිසිය වෙත පැමිණීල්ලක්ද ගොනු කර තිබෙනවා.

එමගින් ඇය ප්‍රකාශ කර ඇත්තේ, නිවස සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේ ඒ සදහා අධිකරණ නියෝගයක් ඇද්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසූ අවස්ථාවේ එවැනි නියෝගයක් නොපෙන්වා තම නිවස සෝදිසි කළ බවයි.

කෙසේ වෙතත්, අදාළ පරික්ෂාවේදී මත්පැන් බෝතල් 1, 009 ක් සහ පොලිස්පතිවරයාගේ රාජකාරි පිස්තෝලය පොලිසිය විසින් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සදහන් කළා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top