කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය එන්.ඩී.ජී. ගනේන්ද්‍ර අනතුරින් මරුට..
Wednesday, 19 March 2025 - 12:12 | Views - 288
මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී ඊයේ (18) රාත්‍රී කාලයේ කුරුණෑගල දෙස සිට මිරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මිරිගම රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 46ක් වූ මා කොළ, දකුණ ප්‍රදේශයේ පදිංචි කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය එන්.ඩී.ජී. ගනේන්ද්‍ර බවටයි සඳහන් වන්නේ.
මේ වන විට ඔහුගේ මෘත ශරීරය මිරිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මිරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article