කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය එන්.ඩී.ජී. ගනේන්ද්‍ර අනතුරින් මරුට..
Wednesday, 19 March 2025 - 12:12 | Views - 289

මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී ඊයේ (18) රාත්‍රී කාලයේ කුරුණෑගල දෙස සිට මිරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක පිටුපස ගැටී තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මිරිගම රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණකරු වයස අවුරුදු 46ක් වූ මා කොළ, දකුණ ප්‍රදේශයේ පදිංචි කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය එන්.ඩී.ජී. ගනේන්ද්‍ර බවටයි සඳහන් වන්නේ.

මේ වන විට ඔහුගේ මෘත ශරීරය මිරිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මිරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top