ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන් , නාමයෝජනා භාර ගැනීම හෙටින් අවසන්..
Wednesday, 19 March 2025 - 8:14 | Views - 156
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.
මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනි දා ආරම්භ කෙරුණා.
මේ අතර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම හෙට(20) දහවල් 12 න් අවසන් වීමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
Share This Article