2025 - SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී හිරුට සම්මාන රැසක්..(Video)
Wednesday, 19 March 2025 - 6:46 | Views - 362

ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ අති විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් 2025 - SLIM KANTAR ජනතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් සම්මානයට පාත්‍ර වීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධාන කළ 2025 ස්ලිම් කැන්ටාර් ජනතා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් ජයවර්ධනපුර Monarch Imperial හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.
එහිදී, වසරේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකාව වශයෙන් හිරු TV සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම, වසරේ ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකාව ලෙසින් මෙන්ම, වසරේ තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාව ලෙසින්ද සම්මාන ද්විත්වයකින් හිරු FM සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්ර්රියතම ප්රවෘත්ති සපයන්නා ලෙසින් මෙවරත් හිරු නිව්ස් සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්ර්රියතම ගුවන්විදුලි වැඩසටහන ලෙස හිරු FM - ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා වැඩසටහන මෙවරත් සම්මාන ලැබුවා.
වසරේ ජනප්ර්රියතම දමිළ ගුවන්විදුලි නාලිකාව වශයෙන් සූරියන් FM සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්ර්රියතම ටෙලිනාට්‍ය නලුවා ලෙස සජිත ඇන්තනී හිරු TVහි විකාශය වන 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්මාන ලැබුවා.
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය ලෙසින් හිරු TV 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍ය සම්මාන ලැබුවා.
Share This Article