රාජ්‍ය සේවයේ පත්කිරීම් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..
Tuesday, 18 March 2025 - 14:40 | Views - 295
රාජ්‍ය සේවයේ පත්කිරීම් සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් යටතේ කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම් දී සිටියේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
මානව හිමිකම් කොමිෂම, පළාත් සභා ඇතුළු ආයතන 10ක පුරප්පාඩු 7456ක් ඇති අතර මේ වෙන විට එම බදවගැනිම් සිදුවන බවය අමාත්‍යවරයා පවසා සිටියේ.
සමස්තයක් ලෙස 15921රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට අනුමැතිය හිමිවී තිබෙනවා.
පුරප්පාඩු විමසා බලා , භාණ්ඩාගාරයේ හැකියාව අනුව අත්‍යවශ්‍ය පුරප්පාඩු බදවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
Share This Article