තැපෑල අදත් වැඩ නෑ..
Tuesday, 18 March 2025 - 8:52 | Views - 370
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය අද(18) දිනයේත් ක්රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ, පෙරේදා පස්වරුවේ ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 10කට අධික ලිපි සහ පාර්සල් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි.
කෙසේවෙතත්, මෙම වැඩවර්ජනය අසාර්ථක බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද සඳහන් කළා.
Share This Article