Hiru Star කිරුළ දිනාගත් චමෝද් කවිශ්කගේ මෝටර් රථයට ගිනි තබයි..(Video)
Tuesday, 18 March 2025 - 8:23 | Views - 322
Hiru Star මෙවර කිරුළ දිනාගත් චමෝද් කවිශ්කගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබෙනවා.
ඒ ඔහුගේ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසේ මෝටර් රථය නවතා තිබියදීයි.
අද (18) අලුයම මෙම සිදුවීම සිදුව තිබෙනවා.
සිදුවීම සම්බන්ධව මේවන තෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Share This Article