සත්ත්ව සංගණනය හෙට
Friday, 14 March 2025 - 12:06 | Views - 293

හෙට (15) වන දින පැවැත්වෙන රිළා, වඳුරු සංගණන මෙහෙයුමට සියලු ජනතාවගේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ සඳහන් කළා.

බෝගවලට හානි සිදු කරන වන සතුන් සංගණනය කිරීමේ ජාතික වැඩසටහන ලංකාව පුරාම මේ මස 15 වන දා උදෑසන 8:00 සිට 8:05 දක්වා කාලය තුළ රට ම එක කුටුම්බයක් ලෙස සළකා සිදුකිරීමට නියමිත බවද සඳහන් වනවා.

මෙම සංගණනය සඳහා අවම වශයෙන් රාජ්‍ය නිලධාරීන් 62,000කට ආසන්න පිරිසක් එක්වන අතර නිවාස 70,000 මූලික කරගෙන පැවැත්වෙන බව ද සඳහන් වනවා.

මෙයට අමතරව, පොදු ස්ථාන, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, විශ්වවිද්‍යාල හා පාසල් පරිශ්‍රයන්, වගාබිම්, ගොවිබිම් ආදී විවිධ ස්ථාන 13 ලක්ෂයක් ද මූලික කරගෙන සංගණනය පැවැත්වෙන බවද සඳහන් වන අතර , මෙම සංගණනය ස්ථාන 8,300,000ක එක ම දිනකදී විනාඩි පහක් තුළ සිදුකරන බව ද වැඩිදුරටත් සඳහන්.

තවද , සංගණනයේදී තොරතුරු සටහන් කරන්නට පත්‍රිකා 70,000 අද (14) සවස් වන විට ලංකාවේ සෑම නිවෙසකටම ලැබෙන්නට සලස්වන අතර අමතර සංගණන පත්‍රිකා ලබා දෙන්නට රාජ්‍ය නිලධාරීන් සූදානමින් සිටින බවද සඳහන්.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top