දේශබන්දු සොයා සාගලගේ ගෙදර ගිය CID ය...
Wednesday, 12 March 2025 - 13:20 | Views - 376

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ මාතර මොරවක පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී හිටපු ජනාධිපති උපදේශක සාගල රත්නායක කියා සිටියේ අදාළ නිවස පරීක්ෂා කිරීමට තමන්ගෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ අනුව තමන් ඊට අවසර දුන් බවයි.

මේ අතර, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ විවෘත වරෙන්තුවක්ද නිකුත් කළා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුවයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි මස 27 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ, 2023 වසරේ වැලිගම - පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින් කොළඹ අපරාධ කොට්ඨාසයෙය් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළවයි.

කෙසේ වෙතත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැක සහිත ස්ථාන දහයකට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කළ බවත්, තවත් ස්ථාන දහ අටක් සඳහා බුද්ධි නිලධාරීන් යොදවා සිටි බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කර තිබුණා.

ඔහු සොයා පොලිස් කණ්ඩායම් 6 ක් විමර්ශන ආරම්භ කළ අතර, ලැබුණු තොරතුරක් මත පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් කොළඹ සිට මාතර මාලිම්බඩ ප්‍රදේශයට ගොස් කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩීෂාන් ගුණසේකර ගේ මහගෙදර ද පරීක්ෂාවකට ලක් කළේ ඒ අනුවයි.

එවන් පසුබිමක හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නීතිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක්ද ඉදිරිපත් කළ අතර එහි දක්වා තිබුණේ මෙම සිද්ධියේ පරීක්ෂණ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනෙවිරත්නගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ බලපෑම් මත සිදුවන බවයි.

එබැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් ලබාදෙන ලෙසට එම රිටි පෙත්සමෙන් ඉල්ලා තිබුණා. එහි වැඩිදුර විභාගය අද පැවැත්වීමට නියමිත නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top