පිරිස් කාණ්ඩ දෙකක් අතර පැතිර යන භයානක රෝගයක් ගැන හෙළිදරව්වක්..
Saturday, 08 March 2025 - 10:39 | Views - 1,513
කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රීනි අලහප්පෙරුම පවසනවා...

ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්...

මේ වන විට මෙම රෝගී තත්ත්වය ලෝකයේත්, ලංකාවේත් තුන්වන ස්ථානයට පැමිණ ඇති බවයි ඇය පවසන්නේ...

මෙම මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම සිදුකළහොත් එය වළක්වා ගත හැකි බවයි අධ්‍යක්ෂවරිය පවසා සිටියේ...

ක්ෂණික කෑම වෙනුවෙන තන්තුමය ආහාර සහිත පෝෂණීය කෑම වේලක් ලබා ගැනීම ඉතා වැදගත්වෙන බවයි ඇය පවසා සිටියේ..

මෙම පිළිකා තත්ත්වය වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ඇය සඳහන්කර සිටියේ පෝෂණීය ආහාර වේලක් නොගැනීමයි..

වසරකට 1500ක් ගැහැණු පාර්ශවයෙන්ද තවත් 1500ක් පිරිමි පාර්ශවයෙන්ද මෙම , මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය දක්නට ලැබෙන බවයි ඇය පවසා සිටියේ..

අධික තරබාරු තත්ත්වය සහ දියවැඩියා වැනි රෝග තත්ත්ව නිසා මෙම රෝගය වැළදෙන බවත් ඇය පවසා සිටියා..

මළපහ සමග රුධිරය පිටවීම, වැසිකිලි යෑමේ සාමාන්‍ය පුරුදු සති දෙකකට වඩා වෙනස් වීම, මළපහ වෙන ක්‍රමවේදය සහ මළපහවල සංඝටකවල වෙනසක් තිබේනම් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වී නිසි වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු වී අදාළ රෝගයදැයි තහවුරු කර ගන්නා ලෙසයි අධ්‍යක්ෂකවරිය මෙහිදී පවසා සිටියේ..

මාර්තු මාසය පුරාවට මේ සම්බන්ධයෙන් දැනුවත්කිරීම් සිදුකරන බවයි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පවසා සිටියේ.. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top