ලොව පුරා කතුන් සිහිගන්වන , අද ලෝක කාන්තා දිනයයි !
Saturday, 08 March 2025 - 6:28 | Views - 303
ජාත්‍යන්තර කාන්තා දිනය අද(08)ට යෙදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා.

සියලු කාන්තාවන් හා ගැහැනු දරුවන් සඳහා සමානාත්මතාව, අයිතිවාසිකම් සහ සවි බල ගැන්වීම යන තේමාව යටතේ " තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් " මෙවර කාන්තා දින තේමාවයි.

ලොව විවිධ රටවලදී කාන්තාවන්ට විඳීමට සිදුව ඇති ගැහැට පිළිබඳ අවධානය යොමු කරමින් 1974 වසරේදී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ලෝක කාන්තා දිනය ප්‍රකාශයට පත් කළා.

1980 වසරේ ජගත් සංවිධානය විසින් ප්‍රකාශිත වගන්ති 16කින් යුත් කාන්තා ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙනවා.

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩ නැඟීම උදෙසා අප රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිය උණුසුම් සුබ පැතුම් පිරින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බවත් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමක් බවත් එම පණිවිඩයේ සඳහන්.

1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් "පාන් සහ සාමය" ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත්වූ බවද ජනාධිපතිවරයා නිකුත්කළ පණිවිඩයේ දැක්වෙනවා.

පසුගිය කාලය පුරා අප රටෙහි දින සැමරුම් පවත්වයින් හෝ සංවාද හා කතිකා ගොඩ නැඟුවද වේදිකාවට පමණක් සීමා වූ එම කතාබහ මහපොළොවේ යථාර්ථයක් ලෙස රෝපණය නොවූ බවත්, ජාතික ජනබලය ආණ්ඩුව ගොඩනැඟීමෙහි ලා ශ්‍රී ලාංකික කාන්තාව දුන් දායකත්වය අතිමහත් බවත්, ඒ මහා කාර්යයට රජයක් ලෙස අපගේ කෘතගුණ පෙරළා පිරිනමන බවත්. ගෙවී ගිය කෙටි කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවට ජයග්‍රහණ රැසක් අත්කර දීමට අවැසි මුල් පියවර අප තැබූ බවද සිහිපත් කරන බවත් එම පණිවිඩයේ සඳහන්. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top