සාමාන්‍ය පෙළට අදාළ සියලු උපකාරක පන්ති මාර්තු 11 මධ්‍යම රැයෙන් අවසන්..
Friday, 07 March 2025 - 10:55 | Views - 400
2024 අ.පො.ස. (සා/පෙළ) විභාගයට අදාළ උපකාරක පන්ති මාර්තු 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3663දී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා..
අපේක්ෂකයන් 474,147 දෙනකු ඊට පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බවයි, විභාග දෙපාර්තම්න්තුව සඳහන් කළේ.
Share This Article