සාමාන්‍ය පෙළට පෙනී සිටින ඔබට , සුබ ආරංචියක්..
Friday, 07 March 2025 - 9:40 | Views - 2,391
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වැනිදා සිට 26 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3663දී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා..
අපේක්ෂකයන් 474,147 දෙනකු ඊට පෙනී සිටින අතර විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට තැපෑලට යොමු කර අවසන් බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ..
එම අයදුම්පත් සංශෝධනයක් කර ගැනීමට ඇත්නම් online ඔස්සේ මේ 10 වැනිදාට පෙර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදු කරගත හැකි අතර, සියලු පාසල් සිසුන්ගේ ප්‍රවේශපත් ඉක්මනින් ඔවුන් වෙත දෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව විභාග කොමසාරිස්වරයා පැවසුවා..
විභාගයේ ප්‍රවේශපත් නොලැබුණු පාසල් සිසුවකු වේ නම් විදුහල්පතිවරයා මඟින් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසත් පෞද්ගලික අයදුම්කරුවකු වේ නම් තැපැල් කාර්යාලයෙන් හෝ විභාග දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙසයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ..
Share This Article