රැකියාවක් හොය හොයා ඉන්න ඔබට , සතුටු හිතෙන ආරංචියක්..
Friday, 07 March 2025 - 8:58 | Views - 291
සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා සඳහා ඉදිරියේදී බඳවා ගැනීම් රැසක් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (06) පාලරීමේන්තුවේදී සඳහන් කළා.
ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976 දෙනෙකුට මෙම මස මැද වන විට පත්වීම් ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා..
තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 238 දෙනෙකුට, ඖෂධවේදීන් 65 දෙනෙකුට, වෘත්තීය චිකිත්සකවරුන් 43 දෙනෙකුට සහ විකිරිණ ශිල්පීන් 41 දෙනෙකුට මාතර් මැද වන විට පත්වීම් ලබා දෙන බව ඔහු පවසා සිටියා...
එමෙන්ම හෙද නිලධාරීන් 3,147 දෙනෙකුට අප්‍රේල් මස පත්වීම් ලබා දෙන බවත්, මැයි මාසය වනවිට උපස්ථායකයින් 1,000ක් බඳවා ගැනීමට අවසර ලැබී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා..
Share This Article