මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණයේ , රහස් රැසක් එළියට ..
Thursday, 06 March 2025 - 15:19 | Views - 318
හරියටම 2025 ජනවාරි මස 1 වැනිද.. මේ කතාව ඇසෙන්නේ..

තුවාල සහිතව නීතිඥවරියකගේ නිවෙසක මිදුලේ වැටී සිටියදී හමුවූ මාධ්‍යවේදිනියකගේ සැමියාගේ මළසිරුර රහසිගතව සෝදා අලුත් ඇඳුම් අන්දවා තිබීම හා මරණය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්‍ෂණ සැක සහිතවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස මරණකරුගේ පාර්ශ්වයේ නීතිඥ ගීත්ම ප්‍රනාන්දු පෙරේදා (4දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කර තිබුණා.. ඒ අනුව, ප්‍රවීණ මාධ්‍යවේදිනියකගේ සැමියාගේ මරණය සිදුවූ ආකාරය ගැන වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා..

ඒ අනුව මෙම මස 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නොතිසි නිකුත් කළා..

මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණේ අගොස්තිනුගේ හේමජීව නමැති දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි දෙදරු පියෙක්...

ත්‍රිරෝද රියැදුරකු ලෙස සේවය කරන හේමජීව නම් මෙම පුද්ගලයා, 2025 ජනවාරි 01 වැනිදා සවස රැකියාවට ගොස් නැවත නිවසට නොපැමිණීම නිසා සොයා බැලීමේදී පසුදින (2දා) අලුයම කළුබෝවිල ශික්ෂණ රෝහලේ දරුණු තැළුම් පහරවල් සහිතව මියගොස් තිබියදී සිරුර හමුවී තිබුණා... ඔහු දෙහිවල, හිල්වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලේ වැටී සිටින බව නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණා..

ඒ අනුව දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර තුවාල සහිත පුද්ගලයා පැය ගණනාවක් රෝහල්ගත කිරීමට කටයුතු නොකර තුවාලකරු සෝදා වෙනත් ඇඳුම් අන්දවා තිබීම සැකයට තුඩුදෙන බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණයේදී පවසා තිබුණා... මෙම මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය නිල විමර්ශනයක් කර නොමැති බවද හෙතෙම අධිකරණයට පැවසුවා..

මියගිය පුද්ගලයා වැටී සිටි නිවසේ හිමිකරු ඇතුළු නිවැසියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා..

මෙහිදී නීතිඥ ගීත්ම මහතා සී.සී.ටී.වී. දර්ශන පෙළක් ද මහෙස්ත්‍රාත්වරිය හමුවේ පෙන්වා ඇති අතර, මරණකරු එම නීතිඥවරියගේ නිවස පරිශ්‍රයට යන අයුරු එහි දර්ශනය වන බවද නීතිඥවරයා කියා සිටියා..

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ මාධ්‍යවේදිනිය, සිය සැමියා එම නිවස පිහිටි භූමියට ඇතුළුවන සී.සී.ටී.වී. දර්ශන දක්නට ඇති බවත්, නැවත පිටතට නොපැමිණෙන අතර මෙය ද සැකයට තුඩුදෙන බැවින් එම නිවැසියන්ගෙන් නැවත ප්‍රකාශ ලබාගන්නා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා..

සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. දයාපාල, සැමියා හැඳ සිටි ඇඳුම් ඉදිරිපත් කරන ලෙස දෙහිවල පොලිසියට තමා ඉදිරියේ දැනුම් දුන් බවද ඇය උසාවියට පැවැසුවා..

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමක් ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වීමත් මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකිවීමත් මත මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියෝග කළා..

අදාළ නඩුව නැවත කැඳවීම මෙම මස 18 වැනිදාට කල් තබා තිබුණා..

දිවයින පුවත්පත ඇසුරෙන්..  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top