ඈවරයි , දෑවරයි සෙව්වන්දිට තවත් ලංසුවක් ?
Thursday, 06 March 2025 - 14:45 | Views - 533

ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව වෙඩික්කරුට අධාර ලබා දුන් දැනට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට මහජන සහාය තවදුරටත් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදියි.

සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම පොලිසියකට තනිව අපරාධ පාලනය කිරීමට හැකියාවක් නොමැති අතර, ඒ සඳහා මහජන සහාය අවශ්‍යය බවයි ඔහු පෙන්වා දුන්නේ.

මහජනතාවගේ සහාය ලබා ගැනීමේ අරමුණින් සහ එම පුද්ගලයා අගය කිරීමක් වශයෙන් ඉෂාරා සෙව්වන්දි අත්ත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට මෙසේ ලක්ෂ 12ක මුදලක් ලබා දීමට තීරණය කළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙම මුදල ඉදිරියේදී වැඩි කරනවාද යන පැනය මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top