ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීගේ මාරක අනතුර ගැන වෙනස් ම කතාවක් කාලෙකට පසු එළියට.. (Photos)
Thursday, 06 March 2025 - 10:42 | Views - 831
ඔහුගේ මතකය රසික සිත් තුළ සදාකාලිකයි.. 

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනකු ගමන් කරමින් සිටි කැබ් රථය තලාව මොරගොඩ ප්‍රදේශයේදී අලියකුගේ ගැටීම නිසා ජැක්සන් ඇන්තනි බරපතළ ලෙස තුවාල ලබා මිය යාමේ සහ එම කැබ් රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනාට තුවාල සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කරන ලෙසට තඔුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත, තලාව පොලිසියට නියෝග කර තිබෙනවා..

මෙලෙස නියෝග කළේ, මෙම අනතුර සම්බන්ධයෙන් තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. එම්. එම්. කේ. ලන්සක්කාරගේ උපදෙස් මත එම පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දක්වීමක් සැලකිල්ලට ගනිමින්..

මෙම මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඔ ජාතික රෝහලේ දින පන්සියයකට අධික කාලයක් සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනි මිය යාමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් තලාව පොලිසිය පවසා සිටියේ කැබ් රථය අලියෙකුගේ ගැටී මෙම මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ අදාළ කැබ් රථය පදවමින් සිට ඇත්තේ ජැක්සන් ඇන්තනි බවයි...

ජැක්සන් ඇන්තනි, මේ වන විට මිය ගොස් ඇති බැවින් මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවද ප්‍රකාශ කළා..

ඒ අනුව, මෙම නඩුව අවසන් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා... පොලිසිය කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් තඔුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට මරු කැදවමින් සිදු වූ මාරක රිය අනතුරට අදාළව තඔුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුව අවසන් කිරීමට නියෝග කරමින් ඒ සඳහා තලාව පොලිසියට අධිකරණයේ අවසරය ලබා දුන්නා..










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top