විදුලි සැර වැදී මව සහ පුතු නොයෙන ගමනේ..
Thursday, 06 March 2025 - 8:34 | Views - 412
යාබද නිවසේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් සූරියවැව වීරිය ගම ප්රදේශයේ පදිංචිව සිටි මවක් හා ඇයගේ පස් හැවරදි පුත්රයා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.
සූරියවැව පොලිසිය සඳහන් කළේ , ඊයේ(05) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගිය දරුවා කුඩා දරුවන් භාවිතා කරන පාපැදියකින් ඔහු පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති නිවසට යමින් සිටියදී අනවසර විදුලි රැහැනේ පැටලී ඇති බවත් තම පුත්රයා මුදවා ගැනීමට එම ස්ථානයට දිවගිය මවටද විදුලිසැර වැදී ඇති බවත් පොලිසිය කියයි.
විදුලිසැර වැදීමෙන් මව හා පුත්රයා එම ස්ථානයේම මියගොස් තිබුණි.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි මවක් හා 05 හැවිරිදි ඇයගේ පුත්රයා ය.
සිද්ධිය සම්බන්ධයෙන් සූරිය වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Share This Article