විදෙස් රටකට යන්න සිහින දකින ඔබට සුබ ආරංචියක්..
Wednesday, 05 March 2025 - 15:34 | Views - 318
කොරියන් ඊ - එයිට් වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.
ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මහජන දිනයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ, මෙම කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාවට යැවීම සදහා මේ වන විට රජයේ මැදිහත් වී ඇති බවයි.
පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර කැබිනට් අනුමැතියකින් තොරව ඊ - එයිට් වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් කොරියාවට යැවූ බවට චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත්, මින් ඉදිරියට අතරමැදියන්ට මුදල් ගෙවීමකින් තොරව රැකියා සදහා පිටත්ව යෑමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කියා සිටියේ.
Share This Article