පිටරට හෝටල්වල කෑම හැදූ පොල්තෙල් 'සුදු පොල්තෙල්' ලෙස වෙළෙඳපොලේ..
Wednesday, 05 March 2025 - 14:21 | Views - 400
වෙළෙඳ පොළේ සුදු පොල්තෙල් ලෙස අලෙවියට ඇත්තේ විදෙස් රටවල් වල හෝටල් තුළ ආහාර බැදීමෙන් පසු ඉවත් කරන තෙල් බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආහාර හා තාක්ෂණ පීඨයේ මහාචාර්ය නිලන්ත ලියනගේ පවසනවා.

ඔහු චෝදනා කරන්නේ, ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළ ද කිසිඳු ඵලයක් නොමැති බවයි.

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානච්චි වෙඩි තබා ඝාතනය කර වසරක් සපිරීම නිමිත්තෙන් ගාල්ල දිස්තික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය විසින් ගුණානුස්මරණ උත්සවයක් සංවිධාන කර තිබුණා.

එහිදී අදහස් දක්වමිනුයි මහාචාර්යවරයා මෙසේ සඳහන් කර ඇත්තේ.

වස විසෙන් තොර ආහාර තෝරා ගැනීම පිළිබඳව ප්‍රදර්ශනයක් ද එයට සමගාමීව සංවිධාන කර තිබුණා.

මේ අතර කුඩා දරුවන්ට, ගර්භණි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිසෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට ගෙවුණු කාළ සීමාවේ දැඩි ආන්දෝලනයක් ඇති වු අතර ඒ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top