සංචාරක ක්ෂේත්රයේ නිරතවන්නන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
Wednesday, 05 March 2025 - 12:48 | Views - 343
සංචාරක ක්ෂේත්රයේ නිරත වන්නන්ට සමාජ සුබසාධන වැඩසටහනක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මෙම වසර තුළ හඳුන්වා දෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් වමින්ද රණසිංහ පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (05) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර හේෂා විතානගේ මන්ත්‍රීවරයා නැගු පැනයකට පිළිතුරු දෙමින්.
එහිදී හේෂා මන්ත්‍රීවරයා විමසා සිටියේ සංචාරයක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ එම කර්මාන්තය දිරිමත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්නයි.
එයට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සංචාරක ආකර්ෂණ ස්ථාන 100ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් එක ආකර්ෂණ ස්ථානයකට රුපියල් මිලියන 10 බැගින් වෙන්කර අවශ්‍ය පහසුකම් සලසන බවයි.
එමෙන්ම ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංචාරකයින්ට විවේක මධ්‍යස්ථාන ඉදිකිරීමට ද කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් න්කර සිටියේ.
Share This Article