දුර සිටම රියදුරුගේ ඡායාරූපය පෙනෙන නවීන තාක්ෂණයෙන් යුත් ස්පිඩ් ගන් පොලිසියට
Wednesday, 05 March 2025 - 10:01 | Views - 302
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් නවීන තාක්ෂණයෙන් යුත් ස්පිඩ් ගන් උපාංග 30ක් පොලිසියට ලැබී තිබෙනවා.
රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝ මීටරයයි මීටර් 200 ක් දුර දී වුවද , මෝටර් රථයක් ග්‍රහණය කර ගැනීමට හැකියාව ඇති බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණවල කියා සිටියේ.
තවද රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකියි.
Share This Article