පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවකයින් වර්ජනයක හෙට
Wednesday, 05 March 2025 - 8:46 | Views - 457
වෛද්‍යවරු වර්ජනය නතර කළත් දීමනා කප්පාදුවට එරෙහිව පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවකයින් අනිවාර්යයෙන්ම හෙට (06) පෙරවරු 8.00 සිට එක්දින සංකේත වර්ජනයේ නිරතවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.
සෞඛ්‍ය ඇමතිවරයා වෛද්‍යවරුන්ට එක හැන්දෙකුනුත් සෞඛ්‍ය සේවාවේ සෙසු සේවකයින්ට තවත් හැන්දකින් බෙදමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මෙහිදී සඳහන් කළා.
සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන සේවක පිරිසගේ ප්‍රශ්න වලට තාම විසදුම් දී නැති බවත් එනිසා පෙර තීරණය කළ පරිද්දෙන් හෙට (06) එක් දින වර්ජනය ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා.
Share This Article