විනාඩි පහෙන් දත් කැක්කුම නැතිකරන සරල ක්‍රම පහක් මෙන්න
Monday, 17 April 2017 - 15:51 | Views - 60,907

01. ඉඟුරු
මිල අධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉඟුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉඟුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුළ රදවාගෙන ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉඟුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පළමුව යම් අපහසුතාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉඟුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.
02. දෙහි
මහත් වූ වේදනාවක් පවා සමනය කල හැකි (සිට්රික් ඇසිඩ්) සහ (විටමින් සී) දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා ක්‍රියා කරනු ලබන්නේ දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරකය ලෙසයි. වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලුන් කූරක තවරා වේදනාව දැනෙන ප්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොඳින් මතක තබා ගන්න.
03. අයිස් කැට
ශීතකරණයක් ඇති සෑම නිවසකින්ම පහසුවෙන් අයිස් කැට කිහිපයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට එය හඳුන්වන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායු අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුළ රඳවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිළිබඳව ඔබ පුදුමයට පත්වේවි.
04. කරාබුනැටි
දත් කැක්කුම් මගින් ඇති වෙන දරුණු වේදනාව සමනය කරගැනීම සදහා බොහෝ කාලයක සිට කරාබු නැටි භාවිතා කරනවා. එහි ඇති ප්රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. තවද වෙලදපොලෙන් මිලදී ගැනීමට හැකි කරාබුනැටි තෙල් ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් එකට මිශ්රකරගෙන මුව සේදීමෙන්ද වේදනාව සමනය කරගන්නට හැකියාව තිබෙනවා.
05. ලූණු
ලූණු වල ඇති විෂබීජ නාශක ගුණය සහ ප්‍රතිජීවක ගුණය හේතුවෙන් දත් කැක්කුම මඟින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා එය භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ලූණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ලුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ලූණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා.
Share This Article