පුංචි ඡන්දයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා
Tuesday, 04 March 2025 - 15:29 | Views - 364

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ කැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි එම කොමිසම පවසන්නේ.

එසේම තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අටවියට www.elections.gov.lk පිවිසීමෙන් බාගත කළ හැකියි.

සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකවම පරීක්ෂා කර ඉල්ලුම්කරුගේ අනන්‍යතාව පිළිබඳව නිසැක වී සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් හැකි වහාම එම අයදුම්කරු ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත2025.03.12 දින හෝ එදිනට පෙර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබෙන සේ යැවිය යුතු බවත්, එම දිනය නැවත දිර්ඝ නොකරන බවත්, නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවත් සියලුම සහතික කිරීමේ නිලධාරීන් වෙත දන්වා සිටින බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

එමෙන්ම කැපැල් ඡන්ද ඉල්ලුම් පත්‍ර සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩු වියට පිවිසීමෙන් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව අවශ්‍ය වන කොරතුරු ලබා ගැනීම සඳහා 2024 පළාත් පාලන ආයතන ඡන්දහිමි නාමලේඛන පහත සඳහන් ස්ථාන වලදී ද ප්‍රදර්ශනය කෙරේ.

i. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල (කච්චේරි වල)
ii. සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වල (අදාළ දිස්ත්‍රික්කයට අයත් නාමලේඛන)
iii. සියලුම පළාත් පාලන ආයතන වල (එක් එක් පළාත් පාලන බල ප්‍රදේශයට අයත් නාමලේඛන)
iv. සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් නාමලේඛන)
05. මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට කැපැල් ඡන්ද අයදුම්පත්‍ර සම්පූර්ණ කර ගැනීම සඳහා පහසුකම් සපයා දී තිබේ.

ඡන්දහිමි නාමලේඛනයේ ජාතික හැදුනුමත් අංකය සඳහන් නොවන අයදුම්කරුවන් ඉහත අංක 4 හි සඳහන් ස්ථානයකින් ස්වකීය ලියාපදිංචියට අදාළ තොරතුරු ලබාගෙන අයදුම්පත්‍ර සම්පුර්ණ කළ යුතු වෙනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top