15% බද්ද ගැන විශේෂ පැහැදිලි කිරීමක්..
Tuesday, 04 March 2025 - 11:35 | Views - 266

සේවා අපනයන කරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදියි.

සේවා අපනයන කරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 නිදහස්වන අතර, දෙවන 83,000ට සියයට 6ක් ද, ඉතුරු ශේෂයටම සියයට 15ක් පමණක් ගෙවීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවා,

" ඒ වාසිය ලබාගන්න එයා ඔප්පු කරන්න ඕනේ එයා ස්වයංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරන කොට තමුන් මේක සේවා අපනයනය කරලා ලබාගත්ත එකක්. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කිව්වේ. මේ වගේ දේවල් වලට මුවා වෙලා සමහර විට බදු ගෙවන්න ඔනේ අය නොගෙවා ඉන්න පුළුවන්. එහෙම නැතුව අසාධාරණ බද්දක් පනවලා නෑ. සාධාරණ බවේ මූල ධර්ම රැකීම පදනම් කරගෙන සහ ජාත්‍යන්තරව ගොඩනැගෙන මේ ගනුදෙනු හරහා ලෝකයක් එක්ක ගැටගැහිලා යන නව ප්‍රවනතාවයක් එක්ක මේ කටයුත්ත කළේ. එහෙම නැතුව කිසිම ආකාරයක අසාධාරණ බදු පැනවීමක් කරලා නෑ." 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top