උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා..
Saturday, 01 March 2025 - 9:44 | Views - 475
උඩරට දුම්රිය ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, බදුල්ල - හාලි ඇල දුම්රිය ස්ථාන අතර මෙලෙස පස් කදු කඩා වැටීම ඊට හේතු වී ඇති බවයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ධාවනයේදී ප්රමාදය සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් ඔරුගොඩවත්ත සිට කොළඹ වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ බ්ලූමැන්ඩල් දුම්රිය හරස් මාර්ගයෙන් අද(01) උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා වසා තැබෙනවා.
Share This Article