කඩුවෙලදී ලොරි රථයකට පොලිසියෙන් වෙඩි..(Video)
Saturday, 01 March 2025 - 7:05 | Views - 360
වත්තල ප්‍රදේශයෙන් සොරකම් කළ ලොරි රථයකට කඩුවෙල උසාවිය අසලදී පොලිසියෙන් වෙඩි තබා තිබෙනවා.

මෙම ලොරි රථය පොලිස් අණ නොතකා ධාවනය කර තිබූ අතර සොරකම් කර ඇත්තේ නොරච්චෝලේ සිට එළවළු රැගෙන ආ ලොරි රථයක්.

අදාල සොරකම පිළිබඳව ලොරි රථයේ හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර තිබූ අතර වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශයන් වලදී පොලිස් අණ නොතකා මෙම ලොරි රථය ධාවනය කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

කඩුවෙල ප්‍රදේශයේදී කොස්වත්ත දෙසට ලොරි රථය ධාවනය කර තිබූ අතර පොලිස් ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් මගින් අදාල ලොරි රථය ලුහුබැඳ තිබෙනවා.

පසුව කඩුවෙල අධිකරණය ආසන්නයේදී ලොරි රථයේ රෝදවලට පොලිසිය වෙඩිතබා ඇති අතර අත් අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අත් බෝම්බයක් සොයාගැනීමටත් පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක සැකකරුවෙක්. 





 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top