හිත් හයිය කරගෙන ජීවත් වෙන්න පුළුවන් සීමාවක් ඕනම කෙනෙක්ට තියනවා.. ඇගේ වෙනසක් කිසිවෙකුට නොපෙනුනේ ඇයි..? සුරූපී තරුණියගේ මරණය පසුපස තවත් නොසිතන කතාවක් මෙන්න..
Friday, 28 February 2025 - 17:25 | Views - 217
ඇයට තිබුණේ සැබවින්ම සඳක් වගේ ලස්සන රුවක්.. එ සුරූපී බව නිසාම අද බොහෝ දෙනෙක් අතර ඇය මතකයක් ලෙස ඉතුරු වෙලා..

මේ සිද්ධිය ගැන බොහෝ දෙනා එක එක විදිහට කතාකරනවා දැකගන්න පුළුවන්... ඒත් ඇත්තටම සුරූපී ඇයගේ ජීවිත කතාව මේ විදිහට අවසන් වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද..?

සමාජමාධ්‍යවල අද වෙනකොට මේ වීඩියෝව නොදැකපු කෙනෙක් නැතුව ඇති.. ඒත් මේ කතාව ගැන හරිහැටි නොදන්නා කී දෙනෙක් නම් ඇයට එක එක දේවල් සමාජමාධ්‍ය පිටු අතර පළ කරන්න වෙහෙසෙනවා ඇතිද...?

වලස්මුල්ල - දයාරත්න පාර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් ගෙළ වැළලාගෙන.. එ සිද්ධිය ගැන මුලින්ම අහන්න ලැබුණේ අන්න එහෙමයි.. ඇය නමින් ඉමාෂි හෙට්ටිආරච්චි, සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කතා කරන චරිතයක් වූ මේ රුවැත්තියගේ මරණය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පළ වෙන්නේ ඇය ටික් ටොක් හරහා බොහෝ දෙනෙක්ගේ ආකර්ශනය දිනාගත් තරුණියක් වූ නිසායි...

ඒ නිසාම ඇය දිනකට හෝ දැක නැති බොහෝ දෙනෙකු පවා ඇයට නිවන් සුව පතා තිබුණා..

ඉමාෂි කියන්නේ ගොඩක් සතුටින් කාලය ගත කළ යෞවනියක් කියන එක ඇගේ සමාජ මාධ්‍ය දුටු හැම කෙනෙක්ම විශ්වාස කරන දෙයක්.. ඒත් ඇය ලෝකයට පෙන්වූ ඒ සතුට ඇතුළේ අපි නොදන්නවා වුණාට විශාල පීඩකයක් තියෙන්නට පුළුවන්.. ඒ වග දැන සිටියේ ඇයයි..

ඇය පදිංචිව සිටි නිවසේ මිදුලෙහි ගසක ගෙළවැළලාගෙන මෙලෙස සියදිවි හානිකරගත් ඉමාෂි මේ වගේ තීරණයක් අ‍රගෙන තිබුණේ ප්‍රේමසබදතාවක් මුල් කරගෙන ඇතිවූ සිද්ධියක් නිසා බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ..

ඒ නිසා අපි කාට හෝ පිටින් මේ සිද්ධිය ගැන දිර්ඝව කතා කරන්න බැහැ.. නමුත් ඇය මේ වගේ තීරණයටකට යන්න කලින් ඇයව වලක්වා ගන්න ඒ වටා හිටිය පිරිසට පුළුවන් වුණා නම්, අපි හැම කෙනෙක්ම සිතිය යුත්තේ අන්න ඒ ගැනයි.. තවත් අපේ සමාජයේ සැඟවුණු ඉමාෂිලා ඇති.. ඔවුන් ගැන අවදානයෙන් ඉන්න පුළුවන් ළඟම සිටින අයට පමණයි.. මේ කතාවෙන් නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ එපමණයි..

ප්‍රශ්න නොපෙන්වා හිනාවෙන මිනිසුන්ගේ හිත්වලට එබෙන්න කාට හරි පුළුවන් වුණා නම්, ඒ විශ්වාසය ඇති වන තැන් අපේ සමාජය තුළ පැවතුනා නම් අද මේ කතාව මෙහෙම අවසන් වෙන එකක් නැහැ.. ඉතින් ඇගේ මේ සමුගැනීම බොහෝ දෙනෙක්ට නැවත නැවතත් යමක් මතක් කරනවා.. ඒ ඔබේ ආදරණියන් ගැන හොඳ සැලකිල්ලෙන් පසුවෙන්න කියන එක.. ඉතින් ඇයට අපිත් නිවන්සුව ප්‍රාර්ථනා කරමු.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top