ඉන්ධන බෙදුම්කරුවන්ට හෙට සිට වෙන්න යන දේ දන්නවාද..?
Friday, 28 February 2025 - 17:22 | Views - 324
මේ කියන්න යන්නේ ඉන්ධන බෙදුම්කරුවන්ට ඉදිරියේදී ක්‍රියාත්මක වෙන විශේෂ දෙයක් ගැනයි.. 

ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බවත් මෙම වට්ටම් මුදල ලබාගෙන ඇත්තේ අනීතිකවයි.. මේ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා විසින් පැවසුවා..

"මේ ගොල්ලන්ට 3%ක වට්ටමක් හිමිවෙලා තිබුණා. නමුත් 2022 මාර්තු 10 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව තමයි ඒක බලාත්මක වෙන්නේ. ඒකට අනුව දැනට ගෙවන මුදල අනීතිකයි. ඒකේ පැහැදිළිව තියෙනවා ඩීසල් සඳහා මිල රුපියල් 121කට වඩා වැඩි වුණොතින් ඒකට අදාළ 3% ගාන තමයි ගෙවන්නේ. පෙට්‍රල් සඳහා රුපියල් 162ක්. එහෙම ගත්තොතින් පෙට්‍රල් ලීටරයකින් ඒ ගොල්ලන්ට වට්ටම හැටියට හිමිවිය යුත්තේ 3.63%ක්. ඩීසල්වලින් හිමිවිය යුත්තේ 4.86%ක් නමුත් ගිය මාසේ 3%ට ගණනය කළොතින් ඒගොල්ලොන්ට හිමිවෙනවා සියයට 8.52%ක් පෙට්‍රල් 92ට හිමිවෙනවා 9.14%ක් පෙට්‍රල් 95 සහ සූපර් ඩීසල් ගත්තොත් මීට වඩා වැඩි මුදලක් හිමි වෙනවා.

2022 වසරෙදි අසාමාන්‍ය විදිහට තෙල් මිල වැඩිවුණා. ඒ මිල වැඩිවුණාට පස්සේ 3%ට ගණනය කළාම රුපියල් 14-15ට ගියා. නමුත් 2022 චක්‍රලේකයට අනුව ඒ ගොල්ලන්ට හිමිවිය යුත්තේ රුපියල් 121කට වඩා ඩීසල් වැඩි වුණොතින් 3% විතරයි. ඒක සිදු වුණේ තෙල් සංස්ථාවේ සිදුවූ වරදක්. අපේ තෙල් සංස්ථාවේ සිස්ටම් එක හරිගස්සලා තිබුණා නම් 3.63%ට වඩා ඒ අයට යන්නේ නෑ.

ඊට පස්සේ ඒ ගොල්ලෝ මේක දිගටම ඕනේ කියලා උසාවි ගියා ඒ ගිහින් තහනම් නියෝගයක් ගත්තා ඒ නියෝගය නිසා දිගටම 3% ගියා. පස්සේ ඒ නඩුව පරාද වුණා. නැවත මේක ක්‍රියාත්මක කරන්න යනකොට අභියාචනාධිකරණයට ගියා. ඒ ගිහින් තහනම් නියෝගයක් අරගෙන අර රුපියල් 14-15ත් අතර මුදල ලබා ගත්තා. පස්සේ මේ සම්බන්ධව විගණනයක් කළා විගණනයේදීත් හෙළි වුණා අනීතික විදිහට රුපියල් බිලියන 35.4ක් ඒ කාළේ වෙනකොට ජනතාවගෙන් අරගෙන බෙදුම්කරුවන්ට ලැබිලා තියෙනවා මේක වහාම නිවැරදි කරන්න ඕනේ කියලා.

දැන් අපි තීරණයක් ගත්තා මේ 3% ඉවත් කරලා මේ ගොල්ලන්ගේ වියදම්වලට සාපේක්ෂව සමීකරණයක් සකස් කරන්න. ඒක අපි අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම්දුන්නා. ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළා ඒ කමිටුව මගින් ගත්ත තීරණය තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ හෙට ඉඳලා.

ඒකේදි ගණනය කරලා තියනවා විදුලි බිල, වතුර බිල සහ අනෙකුත් වියහියදම් ගණනය කරලා ඒකට සමීකරණය කරලා ඒකට අනුව ලාභ කොටසකුත් දීලා තමයි මේ තියෙන්නේ. ඒක තමයි දැන් මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. දැන් ලයිට් බිල හරි වතුර බිල හරි වැඩි වුණොත් ඒකට ලැබෙන්න ඕන මුදල මේ සමීකරණය අනුව ලැබෙනවා. මේක ඉතාමක් සාධාරණයි ජනතාවගේ පැත්තෙන් ගත්තාත් කිසිම ගැටලුවක් නැහැ යැයි ද ඔහු සඳහන් කළා."

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top