වියළි කාලගුණයෙන් ප්රදේශ රැසක ජල සැපයුමට බාධා
Thursday, 27 February 2025 - 12:05 | Views - 396
වියළි කාලගුණය හේතුවෙන් කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසනවා.
ජලාශ මට්ටම පහත වැටීම නිසා බවුසර් ට්රක් රථ හරහා ජල බෙදා හැරීම වැඩි වී ඇති අතර, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස යි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විදුලිබල උත්පාදන පිරිවැය ඉහළ යන බව වාර්තා කළ අතර, තාප හා ඉන්ධන තෙල් බලාගාර වැඩි ප්රමාණයක් ක්රියාත්මක වනවා.
නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්රියාත්මක වන අතර, ජල විදුලිය දිවා කාලයේ විදුලි නිෂ්පාදනයෙන් 20% ක් සහ රාත්රී කාලයේ විදුලි නිෂ්පාදනයෙන් 40% ක් දායක වනවා.
Share This Article