ගෙදරම සිටි හොරා මාට්ටු කළ සුරතලා.. (Video)
Thursday, 27 February 2025 - 11:14 | Views - 698
රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් සහ ලක්ෂ හතර හමාරක රන් භාණ්ඩ සොරකම් කළ බවට කරන්දෙණිය පොලිස් වසමේ එගොඩවෙල ප්‍රදේශයේ පුද්ගලයකු කරන්දෙනිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව, සිදුකළ විමර්ශනයවලදී කරන්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් එසේ සොරකම් කරන ලද මුදල සහ උකස් කරන ලද රන් භාණ්ඩ පිළිබඳ රිසිට් පත් සොයා ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ගෙන තිබෙනවා.

පැමිණිලිකරුගේ බිරිඳ සිය සැමියාට පවසා ඇත්තේ ඉඩමක් ගැනීමට තිබූ මුදල හා රන් භාණ්ඩ කිසිවෙකු විසින් සොරාගෙන ඇති බවයි.

ඒ බව කරන්දෙණිය පොලිසියට පැමිණිලි කරන ලෙසට ඇය විසින්මයි ඔහුට පවසා ඇත්තේ.

ඉන්පසු ඔහු පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුවයි පොලිසියේ විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන්නේ.

නැති වූ රන් භාණ්ඩ තිබූ අල්මාරිය නිවසේ කාමරයක තිබී ඇති අතර, මෙම නිවසේ ඇති කරන 'චූටි' නැමැති ගිරවෙකු පුරුද්දක් ලෙස එම කාමරයේ දොර රෙද්දේ සාමාන්‍යයෙන් රැඳී සිටින බවටයි වාර්තා වෙන්නේ.

එමෙන්ම බාහිර කිසිවෙකුටත් එම කාමරයට ඇතුල්වීමට නොහැකි බවත්, කිසිවෙක් ඒ කාමරයට ඇතුළු වුවහොත් එම ගිරවා කෑ ගසන බවත්, ගෙහිමියන් පොලිසියට පවසා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය සිදුකළ අතර, පොලිස් නිල සුනඛයෙකු යොදා පරීක්ෂා කිරීමේදී නිල සුනඛයා නිවසේ හිමිකාරිනියව දෙසැරයක්ම ඉව කර තිබුණා.

පොලිසිය විසින් ඇයගෙන් විමසීම් කළද, එයට නිසි ආකාරයෙන් පිළිතුරු නොදුන් නිසා සැක සිතී තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇය විසින් මෙම මුදල් සොරකම් කළ බවත් රන් භාණ්ඩ බැංකුවකට උකස් කළ බවත් පවසා තිබෙනවා.

නැති වූ මුදල් පාර්සලය නිවසේ නාන කාමරය අසල තිබීයි හමුවී ඇත්තේ.

මෙම තැනැත්තිය විසින් පොලිස් සුනඛයාගේ අවධානය වෙනතක යොමු කිරීම සඳහා මිරිස් කුඩු අල්මාරිය ලාච්චුවේ තැනින් තැන විසුරුවා ඇති අතර, එම මිරිස් කුඩු නිවසේ ඇති මිරිස් කුඩුවලට සමාන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිය සැමියාගේ මුදල් සොරකම් කිරීම සඳහා ඇය මෙසේ කළ බව පොලිසිය හමුවේ පවසා ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top