ඉදිරි මාස දෙකෙහි සිදුවෙන දැනෙන වෙනසක් ගැන දැනුම්දීමක්
Wednesday, 26 February 2025 - 15:28 | Views - 378
වියලි කාලගුණයට විරාමයක් තබමින් ප්‍රදේශ රැසකට වැසි ඇද හැලී තිබෙනවා.
ඒ අනුව, අද(26) උදැසන 08යි 30න් අවසන් වු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 91, උල්හිටිය ප්‍රදේශයට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව කියා සිටියේ.
දැරණියගල ප්‍රදේශයට මිලිමිටර 68ක් ද, අවිස්සාවේල්ල - ලක්ෂකන්ද ප්‍රදේශයට මිලිමිටර 61 යි දශම 5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරි දිනවල පවතින වැසි තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණය යම් දුරකට පහව ගියද ඉදිරි මාස දෙකේ බලපැවත්වෙන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණ තත්ත්වය යලි ඉහල යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.
Share This Article