වියළි කාලගුණයෙන් ප්රදේශ රැසකට ජලය නැහැ
Wednesday, 26 February 2025 - 14:38 | Views - 269
වතින වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.
වියළි කාලගුණයත් සමඟ ජල මුලාශයන් වල ජල මට්ටම් සීඝ්රයෙන් පහළ බසින බව ද සඳහන්.
මේ දිනවල ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති අතර ජල සැපයුම සීමා සහිත බැවින් වාහන සේදීම, ගෙවතු වගා වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවමකොට අරපිරිස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජල සැපයුමට බාධා එල්ල වී ඇති ප්ර දේශ වල ඇතැම් පාරිභෝගිකයින් සඳහා බවුසර් මගින් ජලය ලබා දීමට මේ වන විට කටයුතු කරන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
Share This Article