අමෙරිකාවේ ස්ථිර පදිංචියට යන්න ඉන්න අයට සුබ ආරංචියක්..
Wednesday, 26 February 2025 - 14:26 | Views - 295
අමෙරිකාවේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන කිසියම් විදේශිකයෙක්ට, ඩොලර් මිලියන 5ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ.
මෙම ක්රමවේදය ගෝල්ඩ් කාඩ් ලෙස නම් කර තිබෙන අතර මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන ග්රීන් කාඩ් හා සමාන ප්රතිලාභ ගෝල්ඩ් කාඩ් ලබා ගන්නා පුද්ගලයින්ට ද හිමිවන බවයි ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා ඇත්තේ.
තවද ජනාධිපති ට්රම්ප් මෙම ක්රමවේදය හඳුන්වා දෙමින් සඳහන් කරන්නේ, රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම ගෝල්ඩ් කාඩ් ලබා දෙනු ඇති බවයි.
Share This Article