සමාජ මාධ්‍ය හරහා උපයන ඩොලර්වලට 15%ක බද්දක්
Wednesday, 26 February 2025 - 10:54 | Views - 226

මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එමෙන්ම මීට පෙර ඔවුන්ට සියයට 15කට වඩා වැඩි බදු මුදලක් යෝජනා වී තිබූ බවයි ඔහු සඳහන් කළේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළා,

''මගේ දැනුමේ හැටියට මීට වඩා ඉහල ටැක්ස් එකක් තමයි යෝජනා වෙලා තිබුනේ. නමුත් අපිට මේ වෙලාවේදී ඒක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊට වඩා බරපතල බදු වලට යන්න වෙනවා. මොකද ඔබ දන්නවා මේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපිට ඉතාම සීමිත බදු ප්‍රමාණයක් තමයි අය කරගන්න සිද්ධවෙන්නේ, ජනතාවට විශාල බරක් පටවන්නේ නැතුව. දැනටමත් පැටිලා තියෙන බරෙන් අඩු කරන්න උත්සාහ කරමින් යන්නේ. ඉතින් දැනට මට දෙන්න පුළුවන් උත්තරේ ඒකයි. මම බලන්නම් ඒකට යම් සහනයක් ඊට වඩා දෙන්න පුළුවන්ද කියන එක මුදල් අමාත්‍යංශය පැත්තෙන්.''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top