2025 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි...
2025 වර්ෂයට අදාල විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා...
ඒ වැඩි ඡන්ද 109කින්...
ඒ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදීයි...
එහිදී දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 155 කුත්, විපක්ෂව ඡන්ද 46 කුත් හිමිවුණා...
2025 වර්ෂයට අදාල විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරී 17 වැනිදායි...