ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා අත්අඩංගුවට
Tuesday, 25 February 2025 - 9:33 | Views - 310

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු හා සැකකාරියක් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

ඒ අනුව, කටුවැල්ලේගම, මීගමුව ලිපිනයෙහි පදිංචි 23 හැවිරිදි පිංපුර දේවගේ චමිදු තිවංක සහ එම ලිපිනයෙහිම පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති යන අයයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

එමෙන්ම මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙම අපරාධයට ආධාර අනුබල දුන් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමති කාන්තාවගේ මව හා බාල සොහොයුරා බවටයි අනාවරණය වී ඇත්තේ.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

තවද, මේ දක්වා මෙම අපරාධයට අදාලව සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top