සංජීව ඝාතනයට වෙඩික්කරු සම්බන්ධ කරගෙන තියෙන්නේ මුහුණු පොත හරහා..?
Tuesday, 25 February 2025 - 9:29 | Views - 425

" ඔයාට වැඩක් නෑ නේද ? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද?" යනුවෙන් මුහුණු පොත හරහා පණිවිඩ යොමු කර ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුව පොළඹවාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග පවසනවා.
ඉකුත් 18 වෙනි දින පාතාල කල්ලි නායකයකු වන ගනේමුල්ල සංජීව නමැත්තාව කොළඹ අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් හිටපු හමුදා සාමාජික සමුදූ දිල්ෂාන් පියුමංග කදනරච්චි නැමැත්තාව මුහුණු පොත හරහා ඉතා උපක්රමශීලීව ඝාතනයේ අපරාධකරුවන් විසින් යොදා ගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
"මෑත කාලයේ සිදු වූ මෙවැනි වෙඩි තැබීම් සිද්ධීන් වලින් ඉතා පැහැදිලිව පෙනී යනවා මෙම ක්‍රියාවන් වලට සම්බන්ධ වන බහුතරයක් පුද්ගලයන් සන්නද්ධ හමුදාවේ එසේත් නැතිනම් පොලිසියේ සාමාජිකයන් වීම.
එම හේතුව මත තමයි ආරක්ෂක ලේකම් තුමා කිව්වේ හමුදා සේවයෙන් යම් කිසි කෙනෙක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වන්නේ නැතුව පලායාමක් සිදු කරනවා නම් ඒක වරදක්. ඔවුන්ව අත්අඩංගුවට ගැනීම නීතියෙන් ප්‍රතිපාදන තියෙනවා.
පසුගිය දිනවල ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධිය ගත්තත් ඔහු යුද හමුදාවෙන් ඉවත් වෙලා රැකියාවක් නොමැතිව ඉන්නකොට ඔහුව හරියට හඳුනාගෙන තමයි අපරාධ කල්ලි නායකයන් ඔහුව සම්බන්ධ කර ගැනීම සිදු කරලා තියෙන්නේ.
විශේෂයෙන් ඔහුව මුහුණු පොත හරහා සම්බන්ධ කරගෙන තමයි මේ සඳහා සම්බන්ධ කරගෙන තියෙන්නේ '' යැයි සඳහන් කළා.
මේ තත්ත්වය මත යුද හමුදාවෙන් පැන ගිය සියලුම සාමාජිකයන් පොලිස් නිලධාරීන් මේ සියලුම දෙනා ඉදිරියේදී අපි අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා."
Share This Article