අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ..
Tuesday, 25 February 2025 - 7:13 | Views - 173
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දිනය අද (25) යි.
එසේම , ඊට අදාළ ඡන්ද වීමසීම අද පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතයි.
අයවැයට අදාළ කාරක සභා අවස්ථා විවාදය අනිද්දා එනම් , පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරු 6ට පැවැත්වෙනු ඇති.
2025 වර්ෂය සඳහා වන අයවැය දෙවනවර කියවීමේ විවාදය පසුගිය (18) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.
ඒ අයවැය දෙවන වර කියවීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් (17) වෙනිදා සිදුකිරීමෙන් අනතුරුවයි.
Share This Article