ගණේමුල්ල සංජීව ඝාතනයේ හොර ලෝයර් නෝනගේ තවත් ඡායාරූප පෙළක්..
Monday, 24 February 2025 - 15:06 | Views - 367

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියගේ තවත් ඡායාරූප පෙළක් මාධ්‍යයට මුදා හැර තිබෙනවා.


මේ අතර අදාළ සැකකාරිය රටින් පළාගොස් නැති බවට පොලිසියට තොරතුරු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.


ඒ අනුව, සැකකාරිය සිටි බවට සැක කෙරෙන මතුගම ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේ, ඇය අත්අඩංගුවට ගැනීම සඳහායි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ සිටියදී නීතිඥවරයෙකු ලෙස වෙස් වළාගත් පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 19 වැනිදායි.

වෙඩි තැබීම කළ කමාන්ඩෝ සමිඳු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කරන ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති අතර මෙම ඝාතනය මෙහෙයවූ මහ මොළකරු ලෙස සැළකෙන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාර කාන්තාව පිළිබඳව ද තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් ඇය තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකකාර කාන්තාව සැඟව සිටි බවට සැක කෙරෙන දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක් ඊයේ දිනයේ දී විශේෂ කාර්ය බළකායේ සෝදිසියට ලක්වුණා.

එමෙන්ම ඇය මතුගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

පොලිසිය පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනවලට අනුව ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top