පුංචි ඡන්දයට මුදල් වෙන් කෙරෙයි
Monday, 24 February 2025 - 12:12 | Views - 279
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඊයේ (23) දළදා සමිදුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.
එසේම, ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නොමැති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදි සඳහන් කළා.
මේ අතර, විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
Share This Article