'' පාප් වහන්සේ වෙනුවෙන් යාඥා කරන්න '' - වතිකානය නිවේදනය කරයි
Monday, 24 February 2025 - 10:39 | Views - 299
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ "අසාධ්‍ය" තත්ත්වයේ පසු වන බව වතිකානය නිවේදනය කරනවා. එහෙත්, උන්වහන්සේගේ ශ්වසන අර්බුදය උත්සන්න වී නොමැති බවයි වතිකානය පවසන්නේ.

පාප් වහන්සේට ඔක්සිජන් ප්‍රතිකාරය ලබා දී ඇති අතර උන්වහන්සේ රුධිර පාරවිලයනයට භාජනය කර තිබෙනවා.

රුධිර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ඔහුගේ වකුගඩු අකර්මන්‍ය තත්වයක පවතින බවයි. උන් වහන්සේගේ වකුගඩු ගැටළුව පවතින්නේ වෛද්‍ය පාලනය යටතේ.

දින කිහිපයක් පුරා හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙලුනු පාප්වහන්සේ ඉකුත් 14 වැනිදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔහුට මුලින්ම බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාව ඇති බව හඳුනා ගනු ලැබුවේ ඉන් අනතුරුවයි. ඊයේ, පාප් වහන්සේගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩු වූ විට ඇතිවන තත්වයකටද මුහුණ දී තිබෙනවා.

අඛණ්ඩව දෙවැනි සතියටත් සාම්ප්‍රදායික ඇන්ජලස් යාක්ඤාව පෞද්ගලිකව සිදු කිරීමට නොහැකි බැවින් තමා වෙනුවෙන් යාක්ඤා කරන ලෙස පාප් වහන්සේ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top