ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය..
Monday, 24 February 2025 - 9:11 | Views - 385
ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි වී තිබෙනවා.
ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇති.
මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි, ඕලාෆ් ෂොල්ස් නායකත්වය දුන්, මධ්‍ය වාමාංශික ප්රජාතන්ත්රවාදී පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවිය. මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ ජර්මන් අන්ත දක්ෂිණාංශික විකල්ප දේශපාලන කණ්ඩායමයි.
ජාතිකවාදී අදහස් ඇති, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරැළියක් බව ද පැවසෙනවා.
Share This Article