උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් හමු වූ මළසිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි.. (UPDATE)
Friday, 21 February 2025 - 13:25 | Views - 327
UPDATE..
මෙම මළ සිරුර මාස කිහිපයකට පෙර ඩුබායි සිට පැමිණි පහළ කරගමුන ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ බවට හඳුනාගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
-------------
ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, එම මළ සිරුරේ සැකකටයුතු වෙඩි තැබීම් සහිත සලකුණු ද පවතින බවයි.
අදාළ මළසිරුර පිරිමි පුද්ගලයෙකුගේ බවට හදුනාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
එම මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article