නැගෙනහිර පාසලුත් මහා ශිව රාත්‍රීයට වැසෙයි
Friday, 21 February 2025 - 13:18 | Views - 359
මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, පෙබරවාරි 27 වනදා උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබෙනු ඇති.
එම නිවාඩු දිනය ආවරණය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වෙන බවයි පළාත් ආණ්ඩුකාරවරුන් සඳහන් කළේ.
මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කළ බවයි.
ඒ අනුව පෙබරවාරි 27 වනදා උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් ද වසා තැබෙනු ඇති.
Share This Article