අලි ගහලා අක්කා මලෝ ඉවරයි
Friday, 21 February 2025 - 7:44 | Views - 326
අරලගංවිල පොලිස් වසමේ වෙහෙරගම ප්‍රදේශයේදී ඊයේ (20) උදෑසන වන අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් එම ස්ථානයේදීම මියගිය බවත්, පිරිමි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත්, අරලගංවිල පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 72ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 75ක් කාන්තාවක්.
ඔවුන් එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියක් වන වෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article